Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

15th December 2023 13:05:20 Hours

සිංහපුර සහ සුසිරිගම පාසල්වල සිසුන් සදහා 23 වන පාබල සේනාංකය විසින් පාසල් උපකරණ ලබාදෙයි

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සංකල්පයකට අනුව 23 වන පැබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේවිඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සම්බන්ධිකරණය හා පුර්ණ අධීක්‍ෂණය යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹූලාගල කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් වැලිකන්ද කොට්ටාශයේ යටිතල පහසුකම් වලින් තරමක් අඩු පාසැල් දෙකක් වන සුසිරිගම ප්‍රාථමික විද්‍යාලයේ හා සිංහපුර කණිෂ්ඨ විද්‍යාලයේ සිසු දරැ දැරියන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කිරිම හා ඔවුන් හට ආර්ථිකමය වශයෙන් අත්වැලක් ලබාදිමේ අරමුණින් 2024 පාසැල් වර්ෂය වෙනුවෙන් සිසුන්ට අවශ්‍ය පොත්පත් ඇතුලු පාසැල් උපකරණ කට්ටලයක් 2023.12.12 දින එම පාසැල් සිසු දැරියන් වෙත ලබාදිම සිදුකරන ලදි.

මේහිදි සුසිරිගම ප්‍රාථම්ක විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසු සිසුවියන් 133 කට හා සිංහපුර කණිෂ්ඨ විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන් 190 කට පොත්පත් ප්‍රධානය කිරිම සිදුකල අතර පාසැල් දෙකෙහි ගුරු භවතුන්ගේ ප්‍රයෝඡනය සදහා අවැසි පොත්පත් ඇතුලු පාසැල් උපකරණ කට්ටලයක් ලබා දෙන ලදි.

මෙම උදාර කටයුත්ත සාර්ථක කර ගැනිම සදහා අවැසි සියලු පොත්පත් හා පාසැල් උපකරණ ලබාදිම කොළඹ ප්‍රෙද්ශයේ ධානපතියන් පිරිසකගේ දායකත්වයෙන් සිදු කල අතර උත්සව අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේවිඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි වන ලදි.

මෙම වැඩසටහන පාසැල් දෙකෙහිම දුවා දරුවන්ගේ නර්ථන අංග වලින් විචිත්‍රවත් වු අතර උත්සව කටයුත්ත සංවිධානය කිරිම 9 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරිගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ එම රෙජිමේන්තු භඨපිරිස් වෙතින් සිදුකරන ලදි.