Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

23rd December 2023 15:26:47 Hours

සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයෙන් පසු නැගෙනහිර ආරක්ෂක සේනාව විසින් පවත්වන ලද නායකත්ව පුහුණුව අවසන් කරන ලදී

විනය, අධිෂ්ඨානය සහ නායකත්වයේ අසාමාන්‍ය අභිසාරීත්වය තුළ, 23 පාබල සේනාංකයේ බලඇණි පුහුණු පාසලේ පැවති දෙදින නායකත්ව පුහුණු වැඩසටහනකට පසුගියදා සහභාගී වූ නැගෙනහිර ප්‍රෙදේශයේ පාසල් 11 ක සිසුන් බිහිවූයේ පාසල් ශිෂ්‍ය නායකයින් ලෙස පමණක් නොවේ අනාගත නායකයන් ලෙසත්ය.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ නිළධාරීන් 06 දෙනෙකු ඇතුලත් පුහුණු කණ්ඩායමක් විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලද අතර, මෙම වැඩමුළුව මගින් න්‍යායික පැහැදිලි කිරීම් ප්‍රායෝගික ආදර්ශයන් සමඟ දක්ෂ ලෙස බද්ධ කරන ලද අතර, සහභාගී වූ සියලුම දෙනාට සවිස්තරාත්මක ඉගෙනුම් ගමනක් ලබා දෙන ලදී.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති විසින් මෙම දෙදින වැඩමුළුව අවසන් වීමෙන් පසු සහභාගිවු සිසුන් සදහා සහතික පත්‍රයක් ප්‍රදානය කරන ලද අතර, සමාප්ති උත්සවයේදී විවිධ ජාතීන් තුනක තරුණ නායකයින් තිදෙනෙකුට ඔවුන් ලැබූ අත්දැකීම් විස්තර කිරීමට අවස්ථාවක් ලබා දෙන ලදී. වැඩමුළුව අතරතුර. මෙම උත්සවයෙන් අනතුරුව තේ පැන් සංග්‍රහයක් ද පවත්වන ලද අතර, තරුණ නායකයින්ට නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති සමඟ සුහද පිලිසදරක යෙදෙමින් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන ලදි.

මේජර් ජෙනරාල් කේවිඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි, 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, ආරක්ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, සේනාංකයේ කාර්ය මණ්ඩලය, පාසල් 11 හි ගුරු මණ්ඩලය, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.