Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th July 2022 15:54:24 Hours

"ශාසනාලෝක වැඩසටහන" යටතේ ආරක්ෂක සේනා නැගෙනහිර ප්‍රදේශයට අයත් විහාරස්ථාන වෙත වියළි සලාක මලු බෙදා දෙයි

"ශාසනාලෝක වැඩසටහන" යටතේ ආරක්ෂක සේනා නැගෙනහිර ප්‍රදේශයට අයත් විහාරස්ථාන වෙත ගම්පහ ප්‍රදේශයේ පදිංචි ප්‍රසාද් ලොකුබාලසුරිය මහතා හා ඔහුගේ මිතුරුකැලගේ අනුග්‍රාහකත්වයෙන් සහ ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජිආර්ආර්පි ජයවර්ධන ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම මත 2022.07.26 දින දිඹුලාගල, කල්කුඩා, කඩවත්මඩුව සහ වැලිකන්ද විහාරස්ථාන වෙත වියළි සලාක මලු විශාල ප්‍රමාණයක් පරිත්‍යග කරන ලදි.

මෙම පළමු පියවර ලෙස දිඹුලාගල විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා වෙත රුපියල් 90,000.00 ක වටිනාකමකින් යුත් වියළි සලාක ලබා දුන් අතර, දෙවන පියවර ලෙස කල්කුඩා සිරි සිලාලංකාර පිරිවෙනේ නේවාසික භික්ෂූන් වහන්සේලා වෙත රුපියල් 45,000.00 ක් වටිනා වියළි සලාක තොගයක් පරිත්‍යාග කරන ලදී.

තවද, එදිනම කඩවත්මඩුව විහාරස්ථානයේ දහම් පාසලේ සිසුන්ට ආහාර පිළියෙල කරදිම සදහා රුපියල් 25,000.00 ක වටිනාකමකින් යුත් වියළි සලාක තොගයක් පරිත්‍යාග කල අතර, වැලිකන්ද විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා උදෙසා රුපියල් 30,000.00 ක වටිනා කමකින් යුත් වියළි සලාක මලු ලබා දීමද සිදු කරන ලදි.

මෙම වැඩසටහන සඳහා එම විහාරස්ථාන වල විහාරාධිපති හිමිවරුන් සහ ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ බ්‍රිගේඩියර් ඩිඑම්කේ චක්‍රවර්ති ආර්එස්පි, ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිළධාරි කර්නල් ටිඑස්බිආර් ප්‍රනාන්දු යන ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ ප්‍රසාද් ලොකුබාලසූරිය, සමන් ගුණරත්න සහ ආසිරි විජේවර්ධන යන මහත්වරුන් ද මෙම පරිත්‍යාග වැඩසටහන් සදහා සහභාගි වුහ.