Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

20th September 2023 14:16:52 Hours

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් ආරක්ෂක සේනා මූලස්ථානය නැගෙනහිර වෙත සංචාරයක

කොළඹ, කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් 2023 සැප්තැම්බර් මස 18 වැනි සඳුදා දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙත සංචාරයක නිරත විය. කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක වැඩසටහන් නිලධාරී හර්ෂ සේනානායක මහතා සහ හමුදා පොලිස් ආරක්‍ෂක සේවයේ රොන් බෙබුස්චේර් මහතා විසින් නැගෙනහිර පළාතේ හදිසි අවස්ථා ව්‍යාප්ති සුදානම පිලිබද සාකච්ඡා කිරිම සදහා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් හමුවන ලදි.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ යූ පී ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ඡ්‍යෙෂ්ඨ නිළධාරි විසින් නැගෙනහිර මූලස්ථානය වෙත පැමිණි අමුත්තන් පිළිගනු ලැබූ අතර හදිසි සුදානම, ආපදා ප්‍රතිචාර සහ ආරක්ෂාව සම්බන්ධ කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය. මෙම සංචාරයේ අරමුණ වන්නේ ප්‍රධාන රජයේ පාර්ශවකරුවන් සමඟ ශක්තිමත් ජාලයක් ස්ථාපිත කිරීම සහ සහයෝගීතාවය වැඩි දියුනු කිරීමයි.

මෙම හමුවේදී නැගෙනහිර ආඥාපතිවරයා විසින් සංහිඳියාව, සංවර්ධනය සහ සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේ එදිනෙදා කටයුතු සඳහා ලබාදෙන සහය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් නැගෙනහිර ආරක්‍ෂක හමුදාවන්හි කාර්යභාරය සහ කර්තව්‍යයන් පිළිබඳව දැනුවත් කරන ලදී.

නැඟෙනහිර පළාතේ හදිසි අවස්ථා ව්‍යාප්ති සුදානම තවදුරටත් සිදුකරගෙන යාමට නියෝජිත පිරිස ත්‍රිකුණාමලය සහ මඩකලපුව බලා පිටත්ව ගියහ.