Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

26th August 2023 16:06:34 Hours

ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ නාමපුවරුව විවෘත කිරීමේ උත්සවය

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි සිදුකල මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ විසින් 2023 මාර්තු මස 09 වන දින පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 4 ඇල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ සදහම් මන්දිරයක් සහ උමං ලෙන් කෞතුකාගාරයක් ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලදී.

නැගෙනහිර නව ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි සිදුකරන මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 23 වන පාබල සේනාංකයේ අධීක්‍ෂණය යටතේ එම ඉදිකිරීම් කටයුතු ඉන්පසු අඛණ්ඩව සිදු කරන ලදී. 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් සහ වැලිකන්ද ආරක්ෂක සේනා ඉන්ජිනේරු සමඟ එක්ව එම සදහම් මන්දිරයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලදී. ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පිහිටි සදහම් මන්දිරයේ නාමපුවරුව විවෘත කිරීමේ උත්සවය 2023 අගෝස්තු මස 25 වන දින 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ වි එන් පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමා සහභාගී විය. මෙම අවස්ථාව සඳහා ආරක්ෂක සේනා මුලස්ථානය නැගෙනහිර ප්‍රධාන සිවිල් සම්බන්ධීකරන නිලධාරි කර්නල් එච් එච් පී සී හල්පගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි, 4 ඇල ප්‍රදේශයේ මහා සංඝරත්නය, රාජ්‍ය නිලධාරීන් සහ දායකයින් රැසක් ද සහභාගී වූහ.