Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

17th November 2022 18:47:20 Hours

ශ්‍රි ලංකා රතු කුරුස සංවිධානයේ ප්‍රධානීන්, ආඥාපති තුමා හමුවිය.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති, මේඡර් ඡෙනරාල් සුජීව හෙටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරීව ජාත්‍යන්තර ශ්‍රි ලංකා රතු කුරුස සංවිධානයේ ප්‍රධාන මහත්මිය සහ සහකාර නිළධාරි පිරිස නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථාන කාර්යාලයේදි හමුවිය.

තවද, අන්‍යෝන්‍ය සහයෝගය පිළිබඳ අදහස් හුවමාරු කර මානව හිමිකම් ජාත්‍යන්තර මානුෂීය නීතිය ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රි ලංකා රතු කුරුස සංවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරිම පිලිබද අදහස් දක්වන ලදි.

සුහද සාකච්ඡාව අවසානයේ ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති විසින් ශ්‍රි ලංකා රතු කුරුස සංවිධානයේ ප්‍රධානීහට සමරු තිළිණ ප්‍රදානය කර සුහදතාවය සංකේතවත් කල අතර ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) වෙත පිටත්ව යාමට පෙර ඇය සමරු සටහනක්ද තබන ලදී. මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානයේ (නැගෙනහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද සහභාගී වන ලදී.