Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th October 2023 11:19:29 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ 440 සංයුක්ත බළඝණයේ නව වියළි සලාක ගබඩාව 23 පාබල සේනාංකයේ විවෘත කරන ලදි

2023 ඔක්තෝබර් මස 24 දින ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බලකායේ 440 සංයුක්ත බලඝණයේ නව සලාක ගබඩා ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි අවස්ථාවේදී නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි ඒන්ඩියු පිඑස්සි අයිජිජ්‍යෙෂ්ඨ නිලධාරී 23 පාබල සේනාංකය විසින් රතු පලස් අතුරා පිළිගන්නා ලදී. 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් මත 440 සංයුක්ත බලඝණය සඳහා නව සලාක ගබඩා ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කරන ලදී.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් උණුසුම් ලෙස පිළිගත් අතර, විවෘත කිරීමට පැමිණීමේදී ප්‍රධාන දොරටුව අසලදී පසුකර යෑමේ සම්මාන මුරයක්ද පිරිනමන ලදී. නැකත් වේලාවේදී නැඟෙනහිර ආඥාපතිතුමන් පීත්ත පටියක් කපා පරිශ්‍රයට ඇතුළු විය. අනතුරුව, තේපැන් සංග්‍රහයකින් පසුව උත්සවය නිම කරන ලදී.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ මාණ්ඩලික නිළධාරීන් සමඟින්, නැගෙනහිර ආඥාපතිතුමා, සම්පූර්ණ ව්‍යාපෘතිය පිළිබඳව උනන්දුවෙන් කතා කරමින්, පසුව එම පරිශ්‍රය වෙත ගොස්, ඉදිකිරීම් කෙතරම් ආකර්ශනීය ලෙස සහ ප්‍රයෝජනවත් ලෙස නිම කර ඇත්දැයි තමන් විසින්ම දැක බලාගත් අතර, එහි දී කාර්ය මණ්ඩලයට ප්‍රශංසා කළේය. ව්‍යාපෘතිය කඩිනම් කර අවසන් කිරිම පිළිබද නිලධාරීන් සහ සියලුම නිලයන් වෙත ප්‍රශංසා කල අතර පහසුකම් නිසි පරිදි පවත්වාගෙන යාම පිළිබද උපදෙස් ලබා දෙන ලදි. 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම විවෘත කිරීමේ උත්සවයට සම්බන්ධ වූහ.