Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

23rd September 2022 09:53:59 Hours

ශ්‍රි ලංකා මහජන චින සමුහාණ්ඩුවේ තානාධිපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් හා කර්නල් ගාඕ බින් 2022.09.21 ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරි හමුවිය. ඒ අනුව පැමිනි පිරිස ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මෙජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඉතා උනුසුම් අයුරින් පිළිගත් අතර ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් විසින් පසුගිය වසර කිහිපය පුරාවට යුධ හමුදාව සමග දීර්ඝ කාලිනව පවතින සහයෝගීතාව පිළිබඳ වැඩිදුරටත් අවධාරණය කළ අතර. අනාගතයේදී එවැනි සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට තම කැමැත්ත ප්‍රකාශ කළේය. තවද ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් හා චීන ආරක්‍ෂක උපදේශකවරයාගේ සහකාර ආරක්ෂක උපදේශවරයාද මෙම අවස්ථාවට සම්බන්ධ විය. එම සංචාරය සනිටුවහන් කිරිම සදහා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති විසින් සමරු තිළිණ ලබාදුන් අතර ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් විසින් පිටත්ව යාමට පෙර අමුත්තන්ගේ පොතේ සටහනක් තබන ලදී.