Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th May 2023 10:16:44 Hours

වෙසක් පොහෝ දින ආරක්‍ෂක සේනා (නැගෙනහිර) භට පිරිස් විසින් සිවිල් වැසියන් සඳහා බත් දන්සලක් පවත්වයි

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් හා මඟපෙන්වීම මත බුදුන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරමින් වෙසක් පොහොය දින ආරක්‍ෂක සේනා (නැගෙනහිර) භට පිරිස් විසින් වැලිකන්ද නගරයේදී බත් දන්සලක් සංවිධානය කරන ලදී.

බත් දන්සලට සමගාමීව 3 වන ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස් සහ වැලිකන්ද මහා විද්‍යාලයේ තාක්ෂණික අංශ සිසුන් විසින් නිර්මාණය කරන ලද කැරකෙන වෙසක් කූඩු දෙකක් ප්‍රදර්ශණය කරන ලදී. වැලිකන්ද, මොණරතැන්න, සිංහපුර, මනම්පිටිය, බෝවත්ත යන ප්‍රදේශවල සිවිල් වැසියන් 3000කට අධික පිරිසක් බත් දන්සල සඳහා සහභාගි වූහ.

ආගමික වතාවත්වලින් අනතුරුව කැරකෙන වෙසක් කූඩු සහ බත් දන්සල ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විවෘත කරන ලදී. නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් , සෙසු නිලයින් සහ ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) යටතේ ඇති බලඇණි සමග අත්වැල් බැඳගනිමින් මෙම උත්සවය සාර්ථකව සිදු කරන ලදී.