Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th August 2022 14:59:33 Hours

වියළි සලාක මලු සහ පාසල් උපකරණ බෙදා දීම.

අඩු ආදායම්ලාභී පවුල් දෙදහසක් සඳහා වියළි සලාක මලු සහ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන් කිහිපයක් නාඋයන ආරණ්‍ය ප්‍රධාන සංඝනායක අගුළුගමුවේ අරියනන්ද හිමි සහ නාඋයන බෞද්ධ සංගමයේ කාරක සහයකයින් ගේ ප්‍රධානත්වයෙන් 2022 අගෝස්තු 20 වන දින අම්පාරේදී පවත්වන ලදි.

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්අඑස්පී ඒන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මඟපෙන්වීම යටතේ 241 සහ 242 වන පාබල බලසේනාංක විසින් මෙම උත්සව වැඩසටහන් සංවිධානය කරන ලදී.

දීඝවාපිය විහාරස්ථාන පරිශ්‍රයේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජීආර්ආර්පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී ඒන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් සහභාගී විය.

මේ අතර, මෙයට සමගාමීව තවත් වියළි සලාක මලු සහ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන් වැඩසටහන් තුනක් දීඝවාපිය සිංහල පාසල, දීඝවාපිය පරිවාර චෛත්‍ය පරිශ්‍රය සහ ලාහුගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී.

ඒ අනුව, දීඝවාපිය සහ නීලගිරිය ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් 1400ක් සහ ගැබිණි මව්වරුන් 200ක් ඇතුළු සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රතිලාභීන් අතර වියළි සලාක මලු ගෝනි 1600ක් බෙදා දෙන ලදී. තවද, පාසල් සිසුන් 400ක් සඳහා පාසල් උපකරණ බෙදාදීමක්ද සිදු විය. එක් එක් වියළි සලාක මලු සහ පාසල් උපකරණ රුපියල් 5000.00 කට වඩා වැඩි වූ අතර පරිත්‍යාගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 10 ඉක්මවන ලදි.