Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

16th November 2022 21:48:56 Hours

විදේශ කාන්තාවක් විසින් යුධ හමුදාව පැසසුමට ලක්කරයි.

2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත අයත් සෙ/679265 කෝප්‍රල් නානායක්කාර එන් ඊ ඩී පී යන කොමිෂන් නොලත් නිලධාරි 2022.11.13 වන දින මෙම කදවුර ඉදිරිපිට ඇති අවුකන අනුරූ බුද්ධ ප්‍රථිමා වහන්සේ සහ ශෛලමය බුද්ධ ප්‍රථිමා වහන්සේ පිහිටි පූජාභූමියේ ආරක්ෂාව සදහා රාජකාරි යොදවා සිටියදී එම බුද්ධ ප්‍රථිමා වහන්සේ වන්දනා මාන කිරීම සදහා පැමිණි බැති මතෙකු විසින් අමතක වීමකින් එම ස්ථානයේ දමා යන ලද ගමන් බෑගයක් ඔහු වෙත හමුවී ඇති අතර එය ඔහු විසින් 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස්හේවා බලකා මූලස්ථානය වෙත භාරදෙන ලදී.

ඉන්පසුව, ඒකක අණදෙන නිලධාරී මේජර් එන් පී ඊ එන් නේරංගම යූඑස්පී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් පරිදි එම ගමන් බෑගය පරීක‍ෂා කල අතර ඒ තුල තිබී රුපියල් ලක‍ෂ හතකට අධික වටිනාකමකින් යුත් විදේශීය මුදල් නෝට්ටු, රුපියල් ලක‍ෂ තුනක වටිනාකමකින් යුතු කැනෝන් වර්ගයේ කැමරාවක්, “පේරුරාජ්‍යයේ” ජැක්ලින්ස් ලින්ඩා නම් කාන්තාවට අයත් ගමන් බලපත්‍රයක්, දුරකථන ආරෝපකයක්, විදෙස් බැංකු කාඩ්පත් 11 ක් එම බෑගය තුල තිබී හමුවූ අතර පසුව එය කුයුම්බි ජැක්ලින්ස් ලින්ඩා නැමැති විදේශීය කාන්තාව වෙත අයත් බව තහවුරු කර ගන්නා ලදී.

පසුව, එම විදේශීය කාන්තාව දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් ඇයව කදවුර වෙත ගෙන්වා එම මුදල් හා අනෙකුත් භාණ්ඩ ඇය වෙත නිවැරදිව භාරදීමට කටයුතු කරන ලද අතර විදේශ ගමන් බලපත්‍රය ඇතුළු වටිනා භාණ්ඩ හා මුදල් නැවත ඇයවෙත ලබාදීමට කටයුතු කිරීම පිළිබදව ඇය විසින් ඉතා ප්‍රශංසනාත්මක ලෙස අගය කරන ලදී.

ශ්‍රි ලංකාවේ සංචාරයක් සදහා පැමිණි ජැක්ලින්ස් ලින්ඩානම් විදේශ කාන්තාවට අයත් විදේශ ගමන් බලපත්‍රය ඇතුළු වටිනා භාණ්ඩ හා මුදල් අස්ථානගතව තිබියදී එම භාණ්ඩ හා සියළු මුදල් කිසිදු අඩුපාඩුවකින් තොරව නැවත එම විදේශික කාන්තාවට ලබාදී සදහා 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානය වෙත ලබාදීම තුලින් සමාජයේ විනය ගරුක සොල්දාදුවෙකු වශයෙන් සෑම දෙනෙකුටම ආදර්ශයක් ගෙන දෙන ලෙස ක්‍රීයා කරමින් 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායට අත්, යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුවට, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවටත්, ශ්‍රී ලංකා මාතාවටත් ඉමහත් අභිමානයක් ගෙනදෙන ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම කොමිෂන් නොලත් නිළධාරිව අගය කරමින් ප්‍රසංශාව භාජනය කරන ලදී.