?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

01st July 2025 21:06:05 Hours

විගණන නිරික්‍ෂණ අවම කර ගැනීම පිළිබදව දැනුවත් කිරිමේ වැඩමුළුවක් පවත්වන ලදි.

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ඩිඑල්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උදාර සංකල්පයකට අනුව 22 වන පාබල සේනාංකයේ යටතේ ඇති පාබසේමූ/ඒකකයන්හි රාජකාරි ඉටුකරනු ලබන සෙසුනිලයන් 64 සහ නිලධාරින් 11 ක් සදහා විගණන නිරික්‍ෂණ අවම කර ගැනීම පිළිබදව දැනුවත් කිරිමේ වැඩමුළුවක් 2025.06.26 දින සිට 2025.06.29 වන දින දක්වා 22 වන පාබල සේනාංකයේදී පවත්වන ලදි.

තවද අදාල විගණන නිරික්‍ෂණ අවම කර ගැනීම පිළිබදව දැනුවත් කිරිමේ වැඩමුළුව පිළිබදව දැනුවත් කිරිමේ සැසියේ උපදේශකත්වය අභ්‍යන්තර විගඝණන අධ්‍යක්‍ෂක මණ්ඩලයමගින් සිදු කරනු ලබන අතර, මෙය හුදෙක්ම 22 වන පාබල සේනාංකයේ යටතේ සිටින බළසේනා මුලස්ථාන සහ ඒකකයන් හි සිටින නිලධාරි/සෙසුනිලයන්ගේ විගණන හැකියාව වර්ධණය කිරිමේ අරමුණින් යුතුව සිදුකරණු ලබන්නකි.