Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th July 2023 12:55:14 Hours

වාකරේ ප්‍රදේශයේ සිවිල් ජනතාව සදහා වෛද්‍ය සායනයක් හා පාසල් ළමුන් 150ක් සදහා පාසල් පොත් බෙදාදිමේ වැඩසටහනක් පැවැත්විම

ආරක්‍ෂක සේනා මුළස්ථානය නැගෙනහිර බල ප්‍රදේශයේ 23 වන සේනාංක මුලස්ථානයට අයත් 233 වන පාබල බසේමු බළසේනාධිපති කර්නල් ඒකේසිඑස් ද සිල්වා ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්ෂණයෙන් යුතුව පාබල බළසේනාවේ නිළධාරි/සෙසුනිළයින් විසින් කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය ජානක රාමනායක හා වෛද්‍ය දිනුෂා පෙරේරා යන මහත්ම මහත්මින් ඇතුලු විද්‍යා පීඨයේ පවුල් වෛද්‍ය දෙපාර්තමේන්තුවට අයත් වෛද්‍ය කාර්‍ය මණ්ඩලය සමග සමග සම්බන්ධවි වාකරේ මහා විද්‍යාලයේ ළමුන් 150ක් සදහා රුපියල් 200,000.00 ක් වටිනා පාසල් පොත් බෙදාදිමේ වැඩසටහනක් හා ප්‍රදේශයේ සිවිල් වැසියන් සදහා වෛද්‍ය සායනයක් 2023.07.09 වන දින පවත්වන ලදි. වෛද්‍ය සායනය සදහා අක්‍ෂි ශ්‍රවන හා කථන අංශයන්ද ඇතුලත් වු අතර ශරිර ස්කන්ද පරික්‍ෂාව අධි රුධිර පිඩන පරික්‍ෂාව හා රුධිර ගත සීනි පරික්‍ෂාව සිදු කරන ලදි. මෙම වෛද්‍ය කදවුරේදී රුපියල් 250,000.00 ක් වටිනා ඖෂධ සහ ඇස් කණ්ණාඩි බෙදා දෙන ලදී. ඊට අමතරව දැනුවත් කිරිමේ වැඩසටහන් හා වෛද්‍ය ප්‍රදර්ශනයක්ද පවත්වන ලදි. මේ සදහා පාසැල් සිසුන් 150ක් හා සිවිල් වැසියන් 300ක් පමණ සහභාගිවන ලදි.

මෙම උත්සව අවස්ථාව සදහා 233 වන පාබල බලසේනාවේ හිටපු බළසේනාධිපති බ්‍රි‍ගේඩියර් ආර්ඩබ්ලිව්කේ හේවගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි, 233 වන පාබල බලසේනාවේ වත්මන් බළසේනාධිපති ඒකේසිඑස් ද සිල්වා ආර්එස්පි, 9 වන ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි ලුතිතන් කර්නල් එම්අයිඑස් චන්ද්‍රකුමාර යුඑස්පි, 6 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි මේජර් ආර්එම්එල්අයි රත්නායක යුඑස්පි, යන ජ්‍යෙෂ්ඨ නිළධාරින් ඇතුලුව 233 වන පාබල බලසේනාවේ හා 6 වන ගජබා රෙජිමේන්තුවට අයත් නිළධාරි 06 දෙනෙකු සහ සෙසුනිළයින් 25 ක ප්‍රමාණයක් යුධ හමුදාව නියෝජනය කිරිම සදහා සහභාගි විය.