Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

21st November 2023 09:04:53 Hours

වර්ෂාව හේතුවෙන් හදිසියේ ඇති වු ජලගැලීම් තත්වය යතා තත්වයට පත් කිරීමට සහය දැක්වීම

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජේනරල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 221 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒකේ පීරිස් ආර්එස්පි නිලධාරිගේ පූර්ණ මඟපෙන්වීම යටතේ 20 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කුච්චවේලි ප්‍රදේශිය ලේකම් බලප්‍රදේශයට අයත් පුල්මුඩේ කොඨීඨාශ අංක 01 ග්‍රාම නිලධාරි වසමේ හයිරියා පාර කොට්ඨාශ අංක 02 ග්‍රාම නිලධාරි වසමේ සත්කුවා නගර් (ලංකා ඛණිජ වැලි සංස්ථාව අසල) යන ප්‍රදේශයන් වලට 2023 නොවැම්බර් මස 14 වන දින රාත්‍රීයේ ඇතිවු අධික වර්ෂාව හේතුවෙන් අපවිත්‍ර ජලය ගලා බසින ප්‍රධාන ඇල මාර්ග අවහිර වී ජනාකීර්ණ ප්‍රදේශ ජලයෙන් යටවී ඇත.

ඒ අනුව, 20 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නි/සෙනීන් 03x15ගේ ශ්‍රමදායකත්වයෙන් අවහිරවී ඇති ඇළ මාර්ග සම්පූර්ණයෙන් පිරිසිදු කර ජලය ගලාබැසීම අවහිරවූ මාර්ග/ඇළ මාර්ග යථාතත්වයට පත් කරන ලදී.තවද, එම කාර්‍ය සාර්ථක කරගැනීම සඳහා කුච්චවේලී ප්‍රදේශිය සභාව වෙතින් ජේසීබී රථයක් හා කම්කරුවන්ගේ සහයෝගය ලබාගත් අතර, එම ප්‍රදේශයන්හී ජීවත්වන ජනතාව විසින් අපවිත්‍ර පස් ඉවත් කිරීම සඳහා ටිපර් රථයක්, ට්‍රැක්ටර් රථ 04 ද ලබාදී නන් අයුරින් සහයෝගය ලබාදෙන ලදි.