Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

12th October 2022 11:25:04 Hours

"ලෝක ළමා දිනයට" සමගාමීව යුධ හමුදා භඨපිරිස් විසින් අන්නමලේ, අම්පාර පෙරපාසල් ළමුන් සඳහා විශේෂ දිවා භොජන සංග්‍රහයක් ලබා දෙයි

"ලෝක ළමා දිනයට" සමගාමීව ආරක්‍ෂක සේනා නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයක් මත 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වජිර වෙලගෙදර ජ්‍යෙෂ්ඨ නිළදාරිගේ උපදෙස් සහ 241 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍ර අබේකෝන් ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්ෂණය යටතේ 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ භඨ පිරිස් විසින් අන්නමලේ, අම්පාර "මරණාත" සහ "බල්දූවර්" පෙරපාසල්වල ළමුන් 100 ක් සහ කාර්ය මණ්ඩලේ 04 ක් සඳහා විනෝදාස්වාද වැඩසටහනක් සහ විශේෂ දිවා භොජන සංග්‍රහයක් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සදහා, 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ අණදෙන නිළධාරී මේජර් මංජුල අලවත්ත, ජ්‍යෙෂ්ඨ නිළධාරින් හා නිළධාරීන් සහ සෙසුනිළයින් මෙම අවස්ථාවට සම්බන්ධ විය.