Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

03rd October 2023 10:01:50 Hours

ලෝක ළමා දිනයට සමගාමීව 243 පාබල බලසේනාව විසින් නැගෙනහි‍ර ප්‍රදේශයේ ළමුන් සදහා උත්සවයක් සංවිධානය කරයි

ලෝක ළමා දිනයට සමගාමීව 243 පාබල බලසේනාව විසින් සංවිධානය කරන ලද ළමා දින වැඩසටහන 2023 ඔක්තෝම්බර් මස 01 දින මඩකලපුව ප්‍රදීපාගාර ළමා උද්‍යානයේදී පවත්වන ලදී. මෙම වැඩසටහන නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එම්කේයූපී ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සංකල්පයක් අනුව 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලදී. 243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්සීඑස් කුමාරසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ 11 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දායකත්වය සමගින් වැඩසටහන සාර්ථකව සිදුකරන ලදී

මෙහි සැබෑ අර්ථයවුයේ ජාතීන් අතර සංහිදියාව වර්ධනය කිරීම වන අතර, එදින උදෑසන සිට පස්වරුව දක්වා මඩකලපුව ප්‍රදේශයේ සිංහල, දමිළ සහ මුස්ලිම් ජාතීන්ට අයත් ළමුන් 150 දෙනෙකු සඳහා ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් මඩකලපුව - ප්‍රදීපාගාර ළමා උද්‍යානයේදී පවත්වන ලදී. පසුව, 11 (සෙව්) ශ්‍රිලසීරෙ සංගීත කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද සංගීත සංදර්ශනයෙන් ළමයින්ට විනෝදාස්වාදය ලබා දෙන ලදී. තවද, සෑම ළමයෙකුටම වටිනා තිළිණයක් ලබාදූන් අතර වැඩසටහන අතරතුරදී කෙටි ආහාර වේලක් සමඟ රසවත් දිවා භෝජනයක්ද පිරිනමන ලදී. හේමකුමාර ගුණසේකර මහතා සහ තිළිණි විතානගේ මහත්මිය විසින් වැඩසටහනට අනුග්‍රහය දැක්වූ අතර, මෙම අමතක නොවන දිනය සඳහා වැයකල මුදල රුපියල් 150000.00 කි.

තවද, නැඟෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් එමිකේයුපි ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර මෙම අවස්ථාව සඳහා 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 243 පාබල බලසේනාවේ බලසේනාධිපති, 11(සෙව්) ශ්‍රිලසීරෙ නිලධාරීන්, සෙසු නිලයින් සහ දෙමාපියන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වන ලදී.