?
04th December 2025 10:04:13 Hours
මෙම ආරක්ෂක සේනා (නැගෙනහිර) බලප්‍රදේශයට බලපැ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අපදාවට ලක්වූ මඩකලපු දිස්ත්‍රිකයේ ආපදා තත්වයට පත් ප්‍රදේශ කිහිපයක නිරික්ෂණ හා සිදුවෙමින් පවතින ආපදා සහන සේවා මෙහෙයුම් පිළිබඳව සොයා බැලීම සඳහා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් නිරික්ෂණ චාරිකාවක් සිදුකරන ලදි.
මෙහිදි පිරිස පළමුව උන්නච්චිය ජලාශයේ වත්මන් තත්වය නීරීක්ෂණය කල අතර පසුව මඩකලපු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුලදී මඩකලපු දිස්ත්‍රික් ලේකම් ජේඑස් අරුල්රාජ් මහතා හමුවි දිස්ත්‍රිකය තුල ඇති වූ ආපදා තත්වය සදහා යුද්ධ හමුදා සහය ලබාදෙන අයුරු පිළිබදව සාකච්චා කිරීමක් සිදු කරන ලදී. ඉන් පසුව ආසේමු (නැ) ආඥාපති ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් 232 බලසේනා මුලස්ථාන බලප්‍රදේශය නිරීක්ෂනය කරන ලදී.
අනතුරුව ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරි, නිලධාරින් සහ සෙසුනිලයින් හට තම බලප්‍රදේශය තුල අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇති වු ආපදා කටයුතු සදහා සිදුකරනු ලබන මෙහෙවර සහ කාර්යයන් වෙනුවෙන් සියළුදෙනා හට තම ප්රසංසාව පිරිනමන ලදි.