?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th December 2025 08:13:23 Hours

රට තුල ඇති වු අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් හානියට පත් පොළොන්නරුව දිස්ත්‍රිකයට අයත් ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවක් සහ ආපදාවන්ට ලක්වු පිරිස් හට වියලි සලාක මලු බෙදා දිම.

මෙම ආරක්ෂක සේනා (නැගෙනහිර) බලප්‍රදේශයට බලපැ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අපදාවට ලක්වූ පොළොන්නරුව දිස්ත්‍රිකයේ ආපදා තත්වයට පත් ප්‍රදේශ කිහිපයක නිරික්ෂණ හා සිදුවෙමින් පවතින ආපදා සහන සේවා මෙහෙයුම් පිළිබඳව සොයා බැලීම සඳහා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් 2025.12.06 වන දින නිරික්ෂණ චාරිකාවක් සිදුකරන ලදි.

පළමුව ඇලහැර අමුණ ප්‍රතිසංකරණය කිරීම පිලිබඳව සොයා බැලිම සිදුකල අතර, එහිදි ප්‍රධාන වාරිමාර්ග ඉංජිනෙරු හමුවී එහි වත්මන් ප්‍රගතිය පිළිබඳව විමසා සිටි අතර පසුව ප්‍රථිසංකරණ කටයුතු වල නිරිත නිළධාරින් සහ භඨ පිරිස් මුනගැසි ඉදිරි කටයුතු සදහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදි.

තවද, ආසේමු (නැ) ආඥාපති ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් දිඹුලාගල ප්‍රදේශයේ අයහපත් කලගුණික තත්වය හේතුවෙන් පිඩාවට පත් සොරවිල සහ නාමල් පොකුණ ප්‍රදේශයේ ජනතාව වෙත මැදිරිගිරිය ශ්‍රි ජයබිම්බා රාමයේ විහාරධිපති ඇතුලු දායක සභාවේ දායකත්වයෙන් ලබාදුන් වියලි සලාක මලු සහ පාසල් උපකරණ බෙදා දිමක් සිදු කිරිමෙන් පසුව ආසේමු (නැ) ආඥාපති ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් 12 වන ගැමුණු හේවා බළකායට අයත් ප්‍රදේශයේ සංචාරය කල අතර එහිදි අණ දෙන නිළධාරි ඇතුලු සියලු දෙනා හට ප්‍රදේශයේ ආපදා කටයුතු සඳහා ලබා දෙනු ලබන මෙහෙවර සහ කාර්යයන් වෙනුවෙන් තම ප්‍රසංසාව පිරිනමන ලදි.

ඉන් පසුව ආසේමු (නැ) ආඥාපති ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ආපදාවට ලක්වු සල්පිටිගම ගම්මානයේ නිරික්ෂණය කරන ලදි අනතුරුව ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පරිවෙනාධිපති නායක ස්වාමින් වහන්සේ මුණගැසි ප්‍රදේශය තුල ඇති වූ ආපදා තත්වය සදහා යුද්ධ හමුදා සහය ලබාදෙන අයුරු පිළිබදව සාකච්චා කරන ලදී.