Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

16th August 2023 11:06:33 Hours

යුධ හමුදා සහය ඇතිව සරස්වති පෙර පාසල් පහසුකම් වැඩි දියුණු කිරිම

සරස්වති පෙර පාසල කතිරවේලි පුදුර් හි පිහිටා ඇති අතර පුදුර් ගම්මානයේ සිසුන් 41 දෙනෙකුට මුල් ළමාවිය අධ්‍යාපනය ලබා දෙයි. පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වුවද මේස, පුටු, ජල පද්ධති ගොඩනැගිලි නඩත්තුව ක්‍රියාකාරි කුස්සියක් සහිත නිසි සනීපාරක්ෂක පහසුකම් වැනි අත්‍යවශ්‍ය සම්පත් ලබාගැනිමේදි පෙර පාසල සැලකිය යුතු අභියෝගවලට මුහුණ දි ඇත. වසර 16 ක සේවා කාලයක් සහිත ගුරිවරියක් ඇතුළුව තිදෙනෙකුගෙන් සමන්විත ගුරු මණ්ඩලය සිසුන්ගේ උසස් අධ්‍යාපනය සදහා පෝෂණය කිරිමට කැපවී ක්‍රීයා කරයි.

23 වන පාබල සේනාංකය යටතේ පාලනය වන 233 පාබල බළසේනාවේ භඨ පිරිස් හි ශ්‍රමදායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. ව්‍යාපෘතියේ ආරම්භක අදියර වශයෙන් දරුවන්ගේ මුලික අවශ්‍යතා සම්පූර්ණ කරන අතර. ඉවුමි පිහිම් පහසුකම් වැඩි දියුණූ කිරිම අරමුණු කරගත් දෙවන අධියර වන මුලුතැන්ගෙයක් ඉදිකිරිම තවමත් සිදු වෙමින් පවති. 233 පාබල බළසේනාවේ සහ 3 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භඨ පිරිස් මෙම කටයුක්ත සදහා දැඩි උනන්දුවකින් සම්බන්ධ වි ඇති අතර ඒ සදහා කාරුණික පරිත්‍යාගශිලින්ගේ නොමසුරු මුල්‍ය අනුග්‍රහයද ලැබි ඇත.

2023 අගෝස්තු 13 වැනි දින වැඩි දියුණු කල පහසුකම් දරුවන්ට භාරදිම් චාම් උත්සවයක් මගින් සිදුකරන ලදි. මෙම අවස්ථාව සදහා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් නිලන්න ප්‍රේමරත්න ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු අතර 233 පාබල බලසේනාවේ බලසේනාධීපති, ග්‍රාම නිලධාරි,ග්‍රාම සංවර්ධන සම්තිවල සභාපතිවරුන් සහ පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර තවද පෙර පාසලේ අවශ්‍යතා සදහා ලිපිද්‍රව්‍ය සහ ලමුන් සදහා ත්‍යාගද මේ අවස්තාවේදී පිරිනමන ලදි.