Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th October 2022 07:50:50 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ශ්‍රී මහා බෝධියේ අංකුර බෝධීන් වහන්සේ නමක් කවුඩාගල ආරණ්‍ය සේනාසන විහාරස්ථානයේ රෝපණය කරයි

වැලිකන්ද, කවුඩාගල ආරණ්‍ය සේනාසන පුරාණ විහාරස්ථානයේ භික්‍ෂුන් වහන්සේලා විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) භඨ පිරිස් විසින් 2022 ඔක්තෝබර් 15 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධින් වහන්සේ නමක් විචිත්‍රවත් පෙරහැරකින් වැඩම කරවා එම විහාරස්ථාන පරිශ්‍රයේ රෝපණය කරනු ලැබීය.

වැලිකන්ද, කවුඩාගල ආරණ්‍ය සේනාසන පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දේවගල ප්‍රඥාසීහාලංකාර හිමිපාණන් විසින් සිදුකළ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරි උපදෙස් පරිදි භඨ පරස් හා බැතිමතුන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම පුණ්‍ය උත්සවය සංවිධාන කටයුතු සිදුකරනු ලැබීය.

මෙම පුණ්‍ය උත්සවය සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා, 233 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ජ්‍යෙෂ්ඨ නිළධාරි, මහවැලි ‘එච්’ කලාපයේ නේවාසික ව්‍යාපෘති කළමණාකාර ඉන්දික රණවීර මහතා, ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් මෙන්ම ප්‍රදේශවාසී බැතිමතුන් රැසක් ද එක්වූහ.

මෙම පුණ්‍ය උත්සවයේ සංවිධාන කටයුතු ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිළධාරී කර්නල් රජීව් ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් සිදුකරන ලදී.