Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

01st April 2023 09:14:20 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් නැගෙනහිර මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරය සිදු කරයි.

24 වන යුද්ධ හමුදාධිපති ලෙස වැඩ භාර ගැනීමෙන් පසු 2023 මාර්තු මස 30 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ජ්‍යෙෂ්ඨ නිළධාරී නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදු කළ අවස්ථාවේදී, ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) විසින් උණුසුම් රතු පලසක් මත පිළිගනු ලැබීය. නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරී විසින් යුද හමුදාපතිවරයා වෙත ආරාධනය කරන ලද මෙම සංචාරය හමුදා සමිප්‍රදායානුකූල සමිමාන මුරයක්, භටපිරිස් ඇමතීම, සමරු තිළිණ හුවමාරුව, සමූහ ඡායාරූපයකට පෙනී සිටීම, පැළ සිටුවීමෙන් සහ සියලු නිළ තේ පැන් සංග්‍රයකින් වර්ණවත් විය.

යුද්ධ හමුදාධිපති නැගෙනහිර මූලස්ථානය වෙත පැමිණීමත් සමඟම, 6 වන බලඇණි ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් වර්ණවත් සම්මාන මුරයක් ලබා දෙමින් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රවේශය අසලදී ඔහුව පිළිගන්නා ලදී. අනතුරුව, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරී විසින් නැගෙනහිර මූලස්ථානය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රධාන වේදිකාව වෙත කැඳවාගෙන යන ලදී. අනතුරුව, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිතුමා විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ගමන් මග සිහිගන්වන දේශණයක් සිදු කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් භට පිරිස් වෙත හඳුන්වා දුන් අතර, දේශනය අවසානයේ නැගෙනහිර භට පිරිස් ඇමතීමට යුද්ධ හමුදාපතිවරයාට ආරාධනා කරන ලදී.

ආරක්‍ෂාව, හදිසි අවස්ථා, ජාතිය ගොඩනැගීම හෝ වෙනත් ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි යුධ හමුදාවේ වැදගත්කම යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේදී නිලධාරීන් සහ සෙසු නිලයින් අමතා කළ දේශනයේදී අවධාරණය කරන ලදී. එපමණක් නොව, විනය පිළිබඳ උසස් ප්‍රමිතීන් පවත්වා ගනිමින්, භෞමික අඛණ්ඩතාව, ස්වෛරීභාවය සහ ඒකීය තත්ත්වය නිර්භයව ආරක්ෂා කිරීම අපගේ මාතෘභූමියේ සෙබළෙකුගේ වගකීමක් බව ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ජ්‍යෙෂ්ඨ නිළධාරී රැස්ව සිටි පිරිසට සිහිපත් කළේය. දේශනය අවසානයේ නැගෙනහිර ප්‍රදේශයේ සියලුම නිලයන් වෙනුවෙන් ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරී විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත සංකේතාත්මක සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිවරයා වෙතද සිය සංචාරය සිහිපත් කිරීම සඳහා සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

අනතුරුව, ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය තුළ සදුන් පැළයක් රෝපණය කරන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ආරාධනා කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථාන සංචාරය සඳහා සංකේතාත්මක මතක සටහන් එක් කරන ලදී. අනතුරුව මෙම සුවිශේෂී දිනයේ වැදගත්කම සංකේතවත් කරමින් නැගෙනහිර ප්‍රදේශයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සමඟ සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටි යුද්ධ හමුදාධිපතිතුමන් මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර අමුත්තන්ගේ පොතේ සිය ප්‍රශංසාව සහ සුබපැතුම් සටහන් කළේය.

නැගෙනහිර ප්‍රදේශයේ සියලුම සේනාංකාධිපතිවරුන් , බලසේනාධිපතිවරුන්, සේනාවිධායකවරුන්, අණදෙන නිලධාරීන්, සමග නිලධාරීන් 175 සහ සෙසු නිලයින් 1200 මෙම දිනය සඳහා සහභාගී විය.