?
22nd July 2025 10:39:45 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 ජූලි මස 19 සහ 20 දෙදින තුළ ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර නිල සංචාරයක නිරත විය.
2025 ජූලි මස 19 දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc විසින් පිළිගන්නා ලදී. ඉන් අනතුරුව, කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟින් සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය.
මෙම සංචාරය අතරතුරදී, 22, 23 සහ 24 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත එම මූලස්ථානයන් පිළිබඳව සවිස්තරාත්මකව දැනුවත් කළහ. එමෙන්ම, 7 වන සන්නද්ධ බුද්ධි බලකාය සහ 3 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකායේ අණදෙන නිලධාරින් ද එම ඒකකයන් සබැඳිව යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කළහ.
පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් එම මූලස්ථානයේ කායවර්ධන ශාලාවේ පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගි වෙමින් නිලධාරින් සහ සෙසුනිලයන් සමඟින් අදහස් හුවමාරු කරගන්නා ලදී. අනතුරුව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ රාජකාරි නියුතු යුද්ධ හමුදා භටපිරිස් ආමන්ත්‍රණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබීමෙන් අනතුරුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගි විය. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් 232 පාබල බලසේනාවේ ද සංචාරයක නිරතවිය.
ඉන් අනතුරුව, තොප්පිගල ප්‍රදේශයේ සංචාරයක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් රණවිරු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකර එම පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයක ද නිරතවිය.
මෙම සංචාරයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් 7 බලඇණිය ගැමුණු හේවා බලකායේ මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් 2025 ජූනි මස 29 දින ඉදිකර පවරාදුන් ලැබූ නව නිවසක් ද නිරීක්‍ෂණය කරන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමන් 2025 ජූලි මස 20 දින පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික හා ආගමික ස්ථානයක් වන දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ද සංචාරයක නිරතවිය. එම සංචාරය අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති අතිපූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නායක හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. ඉන් පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් එම පරිශ්‍රයේ ආරාමයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පරිත්‍යාගයක් ද සිදුකළේය. එහිදී, ශ්‍රී මහා කාශ්‍යප පිරිවනේ ගිහි සහ පැවිදි සිසුන් වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් පවත්වනු ලැබූ පරිත්‍යාග වැඩසටහනක් සඳහා ද යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි විය.
පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර සහ ත්‍රිකුණාමලය රදගුරු පදවියේ රදගුරු අතිඋතුම් ක්‍රිස්ටියන් නොයෙල් එමානුවෙල් හිමිපාණන් ද හමුවිය.
සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින්, යුද්ධ හමුදාධිපතිතුමන් ත්‍රිකුණාමලය, 22 පාබල සේනාංක මූලස්ථානය සහ 2 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ද සංචාරයක නිරතවිය.