?
14th December 2025 15:32:08 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ආර්ඩබ්ලිව්පී සීටීඑෆ් එන්ඩීසී පීඑස්සී අයිජී, 2025 දෙසැම්බර් 13 වන දින ආරක්ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) ප්‍රදේශයේ ආපදාවෙන් හනියට පත් ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ කටයුතු නිරික්‍ෂණය කිරිම සදහා නිල සංචාරයක නිරත විය.
ත්‍රිකුණාමලයට පැමිණි පසු, ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පිළිගනු ලැබීය.
මෙම සංචාරය අතරතුර, යුද්ධ හමුදාධිපතිතුමන් 22 වන පාබල සේනාංකයේ මෙහෙයුම් කාමරයට ගිය අතර, ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) සහ 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් ආපදා සහන සහ ප්‍රතිසංස්කරණ මෙහෙයුම් පිළිබඳව එතුමන්ව දැනුවත් කරන ලදි.
අයහපත් කාලගුණය හේතුවෙන් හානි වූ නීලපොල වේල්ල නැරඹීමට පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, හානියට පත් මාර්ග සහ ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාකාරීව නිරතව සිටි 5 (සෙව්) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 2 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් සහ භට පිරිස් ඇමතීය.
ඉන්පසු 2025 දෙසැම්බර් 14 වන දින, දුම්රිය මාර්ග ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින ගල්ලෑල්ල-මනම්පිටිය ප්‍රදේශයේද යුද්ධ හමුදාධිපතිතුමන් නිල සංචාරයක යෙදුනු අතර, එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රතිසංස්කරණය කටයුතුවල නියලි සිටි සියලුම භට පිරිස් අමතා ඔවුන්ගේ විශිෂ්ට කාර්යය ඉටුකරගන යාමට ඔහුන්ව දිරිමත් කළේය.