Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

19th May 2023 12:11:01 Hours

මේජර් නිලයේ නිලධාරීන් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ල ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති සුරතින් විවෘත කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) මේජර් නිලයේ නිලධාරීන් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023.05.18 වන දින සහභාගිවූ අතර, මෙම ගොඩනැගිල්ල මීට මාස 5 කට පෙර ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපතිගේ සංකල්පයකට අනුව ඉදිකිරීම් ආරම්භ කරන ලදී.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) බ්‍රිගේඩියර් පාලන/භකාස බ්‍රිගේඩියර් උපුල් ජයසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ඉතා උණුසුම් අයුරින් විවෘත කරන ලද ස්ථානය වෙත පිළිගත් අතර. ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති විසින් කිරි ඉතිරවීමෙන් පසු සුබ මොහොතින් නව නවාතැන් ගොඩනැඟිල්ල පීත්ත පටිය කපා විවෘත කරන ලදී.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) මාණ්ඩලික නිලධාරීන් සමඟින්, ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, සම්පූර්ණ ව්‍යාපෘතිය පිළිබඳව කතා කරමින්, පසුව එම පරිශ්‍රය නැරඹීමට ගිය අතර, ඉදිකිරීම් කෙතරම් ආකර්ශණීයව සහ ප්‍රයෝජනවත් ලෙස නිම කර ඇත්දැයි සිඇසින් දුටු ආඥාපති, ව්‍යාපෘතිය කඩිනම් කිරීම සම්බන්ධයෙන් සියලුම නිලයන් ඇගයීමට ලක් කරන ලදී.

මෙම සමාරම්භක උත්සවයට ආරක්‍ෂක සේනා (නැගෙනහිර) මාණ්ඩලික නිලධාරීන්, නිලධාරින් සහ ආසේඉ (වැලි) ඉංජිනේරු අංශයේ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී විය.