Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

01st September 2022 14:30:10 Hours

මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් නිළ උසස්වීමෙන් පසු යුධ හමුදා ගෞරවාචාර ලබති.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් මේජර් ජෙනරාල් නිළයට උසස් වීමෙන් පසු 2022 අගෝස්තු මස 26 වන දින 6 වන ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව සම්මාන මුරයක් පිරිනමන ලදී.

ඉන් අනතුරුව මෙම උත්සවය සනිටුහන් කිරීම සඳහා 23 වන පාබල සේනාංක මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිරිපිට ‘අඹ’ පැළයක් සේනාංකාධිපතිතුමන් විසින් රෝපණය කරන ලදී.

මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් එම සේනාංක මූලස්ථානයේදී සිය භඨපිරිස් ඇමතීමෙන් පසු උපහාර උත්සවයේ කටයුතු අවසන් කිරීම සඳහා සියලු නිළයන් විසින් පිලියෙල කරන ලද තේ පැන් සංග්‍රහයකටද එක් විය.

තවද, මෙම උපහාර උළෙල සඳහා 23 පාබල සේනාංකයට අයත් බළසේනාධිපතිවරුන්,මාණ්ඩලික නිළධාරීන්, ඒකකයන්හි අණදෙන නිළධාරීන් ඇතුලු නිළධාරීන් සහ සෙසුනිළයින්ද සහභාගි වූහ.