Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

19th May 2023 11:15:42 Hours

මුස්ලිම් ජනතාව වසරක් පාසා පවත්වන 37 වන මහා කන්තූරි සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති සහභාගිවිය

ගරීබ් නවාස් පදනම විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහා දානමය පිංකම පසුගිය වසර 36 පුරාවට ඉන්දියාවේ අජ්මීර්හිදී සදාකාලිකත්වයට පත් වූ හස්රත් කවාජ් මුයීනුදීන් චිස්තී රලියල්ලාහු අන්හු නමින් පවත්වන අතර, මෙවරද ඉතා උත්කර්ෂවත් අයුරින් 37 වන වාර්ෂික මහා කන්තූරි සැමරුම 2023 මැයි 17 වන දින කාත්තන්කුඩි - ක්වාජාජී මජ්ලිස් ශාලාවේදී පැවැත්වූ අතර, ඒ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගී විය.

තවද මේ සදහා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරි හා ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි කර්නල් ප්‍රභාත් හල්පගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිද මෙම අවස්ථාවට සහභාගි විය.