Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th July 2018 12:17:39 Hours

මුතූර් ප්රනදේශයේ අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් හට යුද්ධ හමුදාව වෙතින් අධ්යා්පන සම්මන්ත්රසණ මාලාවක්

2018 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්යරයන පොදු සහතික පත්රය උසස් පෙල විභාගය සඳහා පෙනී සිටින සිසුන් හට නැගෙනහිර ආරක්ෂීක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 224 වන බලසේනාංකයේ භට පිරිස් විසින් දින 02 ක අධ්යායපන සම්මන්ත්රාණ වැඩසටහනක් ජුලි මස 17 සහ 18 යන දිනයන්හිදී මුතූර් අල් හිදායා මහා විද්යායලයේ දී පවත්වන ලදී.

මෙම අධ්යා8පන සම්මන්ත්රිණ වැඩසටහන, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ උපදෙස් පරිදි සංවිධානය කරන ලද අතර මුතූර් කලාප අධ්යාපන අධ්යසක්ෂ ක සහ 224 වන බලසේනාවේ බලසේනාධිපති ගේ සහයෝගය ද මෙම වැඩසටහන සඳහා නොමඳව හිමිවිය.

මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සඳහා සපැමිණි 22 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්, කලාප අධ්යානපන අධ්ය්ක්ෂපක සහ අනෙකුත් ආරාධිතයින් මේ සඳහා සහභාගි වු පාසල් සිසු දරු දැරියන් විසින් පිළිගනු ලැබු අතර සම්භාවනීය ආරාධිත අමුත්තන් විසින් සම්ප්රිදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව අධ්යාඅපන සම්මන්ත්රඅණ වැඩසටහන ආරම්භ විය. එහි දී කලාප අධ්යාැපන කාර්යාලයේ නියෝජ්යි අධ්යරක්ෂ‍ක, එස්.එස්.එම් ඉක්බාල් මහතා විසින් පිලිගැනීමේ කථාව සිදුකරමින් මෙම වැඩසටහනේ ඇති වැදගත්කම පිළිබඳව සහභාගිවු පාසල් සිසු දරු දැරියන් දැනුවත් කරන ලදී .

කලා හා වාණිජ විෂයධාරාවන් යටතේ නැගෙනහිර පළාතේ ප්රරසිද්ධ දේශකයින් දෙදෙනෙකු වන කලා ගෞරව උපාධිධාරි ඒ.එම්.එල් සාධා මහතා සහ එම්. එම් ඉෂාම් මහතා යන දෙපළ විසින් මෙම අධ්යාුපනික සම්මන්ත්රිණ වැඩසටහනේ දේශණ පවත්වන ලද අතර මේ සඳහා මුතූර් දිස්ත්රි්ක්කයේ පාසල් 06 ක සිසු දරු දැරියන් 185 දෙනෙකු සහභාගි වුහ.

බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් ආගමික වතාවත් වලින් අනතුරුව ඇරඹි මෙම අධ්යා පනික සම්මන්ත්ර ණ වැඩසටහන සඳහා සහභාගි වු පාසල් සිසුන් සඳහා ප්රවවාහන සහ ආහාරපාන ආදි පහසුකම් 24 වන ජාතික ආරක්ෂ5ක බලමුළුවේ සෙබළුන් විසින් සලසා දෙන ලදී.

මෙම අධ්යාආපන සම්මන්ත්රේණයේ සමාරම්භක අවස්ථාව සඳහා ප්ර දේශයේ ආගමික පුජකවරුන්, යුද්ධ හමුදා භට කාර්ය සම්පාදන විද්යා්ලයේ සේනාවිධායක බ්රි ගේඩියර් දීපාල් වන්නිආරච්චි, 224 වන බලසේනාවේ බල සේනාධිපති කර්නල් ප්ර්සන්න එදිරිවීර, මුතූර් කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්යේ අධ්යාක්ෂඇක එස්.එස්.එම් ඉක්බාල් මහතා, ජ්යෙරෂ්ඨ යුද්ධ හමුදා නිලධාරින්, මුතූර් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, අධ්යානපන දෙපාර්තමේන්තු නිලධාරින් සහ ප්රරදේශයේ ප්රෂජා නායකයින් සහභාගිවුහ.