?
11th December 2025 09:50:47 Hours
නැගෙනහිර කාන්තා සංසදය (මඩකලපුව දිස්ත්‍රිකය) හා මඩකලපුව කොමෂල් බැංකුව විසින් මෑතකදී ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත් මුතුර් ප්‍රදේශවල පවුල් අතර බෙදා හැරීම සඳහා රුපියල් 200,000.00 ක් පමණ වටිනා වියළි සලාක 243 පාබල බලසේනාවේ මඟ පෙන්විම මත නොමසුරුව පරිත්‍යාග කරන ලදී. මෙම වැඩසටහන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව් ජයවීර යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟ පෙන්වීම යටතේ සහ 243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහාය ඇතිව පවත්වන ලදී.
2025 දෙසැම්බර් 10 වන දින 243 පාබල බලසේනාවේ 02 × 05 ක භට පිරිසක් සහභාගී විය. නැගෙනහිර කාන්තා සංසදය (මඩකලපුව දිස්ත්‍රිකය) හා මඩකලපුව කොමෂල් බැංකුවේ දායකත්වයෙන් 243 පාබල බලසේනාවේ සහයෝගයෙන් මුතුර් ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට ලබාදෙනු ලැබු මෙම මානුෂිය ආධාර යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඉවහල්වේ.