?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th February 2026 08:38:41 Hours

මාවඩිවෙම්බු ප්‍රාදේශීය රෝහලේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්වේ

78 වන නිදහස් දිනයට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka)වැඩසටහනට යටතේ 4 වන බලඇණිය ගැමුණු හේවා බළකා ඒකක බලප්‍රදේශයට අයත් එරාවුර්පත්තු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මාවඩිවෙම්බු ප්‍රදේශයේ ස්ථාපිත මාවඩිවෙම්බු ප්‍රාදේශිය රෝහල සහ අවට ප්‍රදේශය පිරිසිදු කිරිමේ වැඩසටහනක් එම ඒකකයේ 1X10ක භඨපිරිස් ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් හාරෝහල් කාර්ය්‍ය මණ්ඩලයේ නිලධාරි/ නිලධාරිනියන් 10 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2026.02.02 වන දින 0830 පැයේ සිට 1300 පැය දක්වා සාර්ථකව සිදු කරන ලදි.

78 වන නිදහස් දිනයට සමගාමීව සහ ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka)වැඩසටහන යටතේ මාවඩිවෙම්බු ප්‍රාදේශිය රෝහලේ වෛද්‍ය වරියගේ ඉල්ලීම මත යුධ හමුදාව විසින් සිදුකරන ලද මෙම පිරිසිදු කිරීමේ වැඩසටහනරෝහල් කාර්ය්‍ය මණ්ඩලය විසින් සහ ප්‍රදේශවාසින්ගේ ඇගයීමට ලක්කරන ලදී. කරුණු එසේ හෙයින් එම අවස්ථාවේදි ලබාගන්නා ලද විශේෂ අවස්ථා ඇතුලත් ඡායාරූප ඔබ මුලය වෙත මේ සමග ඉදිරිපත් කරනු ලබන බැව් කාරුණිකව දන්වා සිටිනු ලැබේ.