?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

20th June 2025 10:50:37 Hours

මහින්දාගමනය සංකේතවත් කිරීම සඳහා අම්පාර නගරයේ පොසොන් පහන් කූඩු ප්‍රදර්ශනය සහ බත් දන්සල පැවැත්වීම

මහින්දාගමන‌ඓතිහාසිකපූජනීය අවස්ථාව සැමරීම සදහා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අම්පාර දිස්ත්‍රික් වෙළඳ සංගමය සහ 24 වන පාබල සේනාංකය විසින් පොසොන් පහන් කූඩු ප්‍රදර්ශනයක් සහ බත් දන්සලක් පැවැත්වීමට කටයුතු සිදුකරන ලදී. 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් සී එල් ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන පැවැත්විය.

මිහිඳු මහරහතන් වහන්සේගේ ඓතිහාසික ශ්‍රී ලංකා ආගමනය සහ බුද්ධාගම හඳුන්වාදීම සැමරීම සඳහා පවත්වන ලද මෙම උත්සවය අම්පාර නගරය පුරා දහස් ගණනක් ජනතාව එක්රැස්වී එකමුතුවත්ව සැමරීම සදහා පොසොන් පහන් කූඩු ප්‍රදර්ශනයක් සංවිධානය කෙරුණි.පිරිපුන් බෞද්ධ උරුමය සහ මහින්දාගමනය පිළිබිඹු කරන පහන් කූඩු නිර්මාණය කිරීම සඳහා ප්‍රජා සංවිධාන සහ විවිධ ආයතනයන් සහභාගී විය.

2025 ජුනි 12 සහ 13 යන දෙදින තුළ නගර ශාලා පරිශ්‍රයේදී මෙම පහන් කූඩු ප්‍රදර්ශණයට සමගාමීව බත් දන්සලක් පැවැත්විය. මෙම උතුම් අවස්ථාවට සහභාගී වීම සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රජාවන්ට අයත් ජනතාව දස දහසකට අධික පිරිසක් එක්රැස් වූ අතර, එහිදී සියලුම සහභාගිවන්නන් හට ප්‍රණීත ආහාර වේලක් පිළිගැන්වුණු අතර, එය ආගමික භක්තියේ සංකේතයක් ලෙස ප්‍රදර්ශනය විය.

මෙම අවස්ථාව අන්තර් ආයතනික සහයෝගීතාවය සහ ප්‍රදේශයේ ජනතාවගේ සමගිය අගය කරන ලද උසස් සංස්කෘතික වටිනාකම් පිළිබිඹු කරන ලදී. 24 වන පාබල සේනාංකයේ මැදිහත්වීම,මගපෙන්වීම සහ සිවිල් ආයතනවල සහයෝගය නිසා මෙම වැඩසටහන අර්ථවත්ව සහ සාර්ථක ලෙස පැවැත්වීමට හැකිවිය.

පහන් කූඩු ප්‍රදර්ශනය අම්පාර නගරය ආලෝකමත් කර බැතිමතුන්ගේ හදවත්වල බුද්ධාලම්භන ප්‍රීතියඇතිකරන්නක් විය. 2025 පොසොන් සැමරුම බැතිමතුන්හට අමතක නොවන අත්දැකීමක් විය.