Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

05th January 2024 16:19:45 Hours

මහවැලි ගග පිටාර ගැලීම නිසා ඇති වන තර්ජනයෙන් සූරියපුර ගම්මානය ආරක්‍ෂා කර ගැනීම සදහා ක්‍රියා කිරීම.

5(සෙව්) ශ්‍රිලකාහ ඒකක බළප්‍රදේශයේ සුරියපුර ග්‍රාමනිලධාරි වසමට මායිම්ව ත්‍රිකුණාමලය දෙසට ගලා බසින මහවැලි ගගේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් සිදුවිය හැකි ජල ගැලිම් තත්වය අවම කිරිම සදහා ගගට වම්පසින් කි:මි 4.7ක් පමණ දුරට ආරක්ෂක වේල්ල පිලිසකර කරන ලදී.

මේ දිනවල පැවැති අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගග පිටාර ගැලීම නිසා සුරියපුර, සමගිපුර හා සමනලපාලම යන ගම්මානයන් හී පවුල් 140 ක සහ ගොවි බිම් වල ආරක්ෂාව තහවුරු කිරිම සදහා මහවැලි ගගේ ආරක්‍ෂක වේල්ල බෝගස්පිටිය ප්‍රදේශයෙන් මිටර් 200 කට ආසන්න කොටසක් තුලින් ජලය පිටාර ගැලිම වලක්වා ගැනීම සිදු කල යුතු බැව් නිරීක්‍ෂණය විය. ඒ අනුව කන්තලේ ප්‍රාදේශිය ලේඛම් තුමිය හා වාරි මාර්ග කර්යාලයට අයත් නිලධාරින් විසින් එම ස්ථානය පරික්ෂා කිරිමෙන් අනතුරුව වැලිකොට්ට යොදා වේල්ල ශක්තිමත් කිරීම කඩිනමින් සිදුකල යුතු බැව් පෙන්වා දීමෙන් අනතුරුව එය සිදු කිරීම සදහා යුද්ධ හමුදාව වෙතින් සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටීමෙන් පසු අවශ්‍ය බැකෝ යන්ත්‍රයක්, ට්‍රැක්ටර් රථ 02ක් හා අවශ්‍ය පොලිසැක් කවර ලබාදෙන ලදි.

22 පාබල සේනාකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පිඒඑම් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 222 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්කේඑස් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම හා එම ඒකක අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩබ්ඩබ්එම්පීබී වෑකදපොල යුඑස්පි පිඑස්සි අයිජි ශ්‍රීලකාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ අධීක්‍ෂණයෙන් 2024.01.02 වන දින එම ඒකකය වෙතින් 03 x 32ක භටපිරිස් ප්‍රමාණයක් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් 00 x 24ක භටපිරිස් ප්‍රමාණයක් යොදවා බැම්ම ශක්තිමත් කර වැලිකොට්ට 250ක ප්‍රමාණයක් අසුරා එම ස්ථානය නැවත පිලිසකර කරන ලදි.