Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

28th July 2022 12:39:40 Hours

මනුෂ්‍යත්වයේ සහන යාත්‍රාව 18 සහ 19 වන අධියරයන් යටතේ අඩු ආදායම්ලාභි පවුල් සදහා වියලි සලාක මලු බෙදා දෙයි

“මනුෂ්‍යත්වයේ සහන යාත්‍රාවේ” 18 සහ 19 අධියරයන් යටතේ දුෂ්කර ප්‍රදේශවල ජිවත් වන අඩුආදායම්ලාභි පවුල් 200 ක් සදහා රු.5000.00 කට වඩා වටිනාකමකින් යුත් වියලි සලාක මලු බෙදා දිමේ වැඩසටහනක් 2022 ජූලි 25 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

ඒ අනුව ප්‍රථම අධියර යටතේ 232 පාබල බලසේනාවට අයත් තොප්පිගල, කිලිවෙඩ්ඩි සහ කිරිල්ලවැලි ප්‍රදේශවල ජිවත් වන අඩු ආදායම්ලාභි පවුල් සඳහා වියළි සලාක මලු 100 ක් බෙදාදෙන ලදි.

දෙවන අදියර ලෙස 2022 ජූලි 25 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) බල ප්‍රදේශයට අයත් වැලිකන්ද, සිංහපුර, සෙවනපිටිය සහ කටුවන්විල ගම්මානවල ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල් සදහා වියළි සලාක මලු 100 ක් ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර) ප්‍රධානත්වයෙන් බෙදා දෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් ආර් පී ජයවර්ධන ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩියුජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ඉල්ලීම පරිදි “මනුෂ්‍යත්වයේ සහන යාත්‍රා” වැඩසටහන සදහා ගම්පහ ප්‍රදේශයේ පදිංචි ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා විසින් මෙම පරිත්‍යාගය සඳහා අනුග්‍රහය දක්වන ලදී.

මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් ජීආර්ආර්පී ජයවර්ධන ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩියු, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එම්කේඑස්එස්පි ජයසිංහ ආර්ඩබ්පි ආර්එස්පි, බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ බ්‍රිගේඩියර් ඩිඑම්කේ චක්‍රවර්ති ආර්එස්පි, ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිළධාරි කර්නල් ටිඑස්ආර්බි ප්‍රනාන්දු යන ජ්‍යෙෂ්ඨ නිළධාරින්/නිළධාරින් සහ සෙසුනිලයින් සහභාගි වන ලදි.