?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd October 2025 14:28:58 Hours

මඩකලපුව සිංහල මහා විද්‍යාලයේ ළමා දින වැඩසටහනක් පවත්වයි.

243 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ මඟ පෙන්වීම යටතේ 11 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් මඩකලපුව සිංහල මහා විද්‍යාලයේ දී ළමා දින වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම උත්සවය සිසුන්ගේ වර්ණවත් රංගනයන් සහ ක්‍රියාකාරකම් වලින් පිරී ගිය අතර, දවස පුරා ප්‍රීතිමත් වාතාවරණයක් ඇති කළේය.

මෙහිදී අත්‍යවශ්‍ය ලිපි ද්‍රව්‍ය සහ පාසල් බෑග් දරුවන්ට බෙදා දුන් අතර, සියලුම ගුරුවරුන්ට ඔවුන්ගේ සේවය අගය කරමින් තෑගි ප්‍රධානය කරන ලදී. දිනය අවසන් කිරීම සඳහා මඩකලපුවේ හැපි කිඩ්ස් ෆන් වර්ල්ඩ් විනෝදාස්වාද මධ්‍යස්ථානයට විශේෂ සංචාරයක් සඳහා දරුවන්ට අවස්ථාව ලබා දුන් අතර, එහිදී ඔවුන් විවිධ විනෝද ක්‍රියාකාරකම් භුක්ති විදින ලදී.

මෙම වැඩසටහන සදහා 243 පාබල බලසේනාවේ බලසේනාධිපති ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, 11 (සෙව්) ශ්‍රීලංසිරෙ දෙවන අණදෙන නිලධාරී, අනෙකුත් නිලයන් මෙම වැඩසටහනට සහභාගී වූ අතර සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ මුහුණුවලට සිනහවක් ගෙන දුන් අර්ථවත් අවස්ථාවක් වූ අතර, පාසල සහ හමුදාව අතර බැඳීම් ශක්තිමත් කළේය.