Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th December 2022 13:56:41 Hours

මඩකලපුව දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් ඇතුළු රජයේ නිළධාරීන් යුධ හමුදා ගොවිපොලවල්හි ක්ෂේත්‍ර චාරිකාවක් සිදුකරයි.

231 පාබල බලසේනාවේ අධීක්‍ෂණය යටතේ 4 වන ගැමුණු හේවා සහ 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ක්‍රියාත්මක කරන ලද කාබනික පොහොර හරිත කෘෂිකාර්මික වැඩසටහන "කරබලා කොටුව", ආරියම්පති ප්‍රදේශයේ එක් ගොවිපලක් වෙත 2022 දෙසැම්බර් 15 වන දින සංචාරයක් සිදුකරන ලදී. එම අවස්ථාව සදහා මඩකලපුව දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කේ. කරුණාහරන්, කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.ඒ.එස් හරිහරන්, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ වී.පෙරිම්පරාජා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය යූ. කුගේන්ද්‍රන් මහත්මිය ඇතුලු පිරිස සහභාගි වන ලදී.

මේ අතර, 2022 දෙසැම්බර් 21 වැනි දින “සිප්පිමඩු” උන්නච්චියෙහි පිහිටි තවත් යුද්ධ හමුදා ගොවිපළකට මන්මුනේ බටහිර ප්‍රාදේශීය ලේකම් එස් සුතාකර් මහතා සහ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ වී පෙරිම්පරාජා මහතා නිරික්ෂණ චාරිකාවක නිරත වන ලදී. කල්ලඩි ප්‍රදේශයේ පිහිටි 231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර සහ මඩකලපු දිස්ත්‍රික්කයේ හරිත කෘෂිකර්ම මෙහෙයුම් මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීගේ ආරාධනය මත මෙම යුද්ධ හමුදා ගොවිපළවල්හි ක්ෂේත්‍ර නිරික්ෂණ චාරිකාව සිදුකරන ලදි.

ඉන්පසුව, මෙම රාජ්‍ය නිලධාරීන්ගේ ක්ෂේත්‍ර චාරිකාවෙන් අනතුරුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන කාබනික පොහොර හරිත කෘෂිකර්ම වැඩසටහන් පිළිබඳව ඔවුන් ඉතා සෑහීමකට පත් වූ අතර ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන මෙම ගොවිපල ඉතා සාර්ථකව සිදු කරන බව ඇගයීමට හා ප්‍රසංශාවට ලක් කරන ලද අතර, ඉදිරියේදි මෙම ගොවිපොලවල් ආදර්ශ ගොවිපලවල් ලෙස නම් කරන බව ඔහුන් විසින් පවසන ලදි.