Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th September 2023 12:27:20 Hours

පොලොන්නරුව ප්‍රදේශයේ සිවිල් වැසියන් සදහා වෛද්‍ය සායනයක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ යු පි ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ, 23 වන පාබල සේනාංකයේ මේජර් ජෙනරාල් කේ වි එන් පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධීක්ෂණය යටතේ, 9 වන ශ්‍රි ලංකා කාලතුවක්කු රෙඡිමේන්තුවේ භටපිරිස් ගේ සහාය ඇතිව. පොලොන්නරුව ප්‍රදේශයේ දිළිදු සිවිල් වැසියන්ගේ සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීම සදහා සාමය උදෙසා අන්තර් ආගමික සංධානයේ අනුග්‍රහක දායකත්වයෙන් වෛද්‍ය සායනයක් 2023.09.13 වන දින වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පවත්වන ලදි. එමගින් දෘෂ්ඨි පරීක්ෂාව, ශ්‍රවණ හා කථන පරීක්ෂණ, ශරීර ස්කන්ධ පරීක්ෂාව, රුධිර පීඩන පරීක්ෂාව, අහඹු රුධිර සීනි පරීක්ෂාව, දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වෛද්‍ය ප්‍රදර්ශනයක් පවත්වන ලදී.

මෙම වැඩසටහන සදහා සිවිල් වැසියන් 400 කට අධික පිරිසක් සෞඛ්‍ය සායනයට පැමිණ උපදේශන හා ඖෂධ ලබා ගත් අතර සියලුම වෛද්‍ය පරීක්ෂණ නොමිලේ සිදු කරන ලද අතර එමගින් රු. 700,000.00 ක් වටිනා ඖෂධ බෙදා දෙන ලදී.

233 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ එස් පී පොතුපිටිය යූඑස්පී පීඑස්සී අයිඡි විසින් වැඩසටහන සම්බන්ධීකරණය කල අතර මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා මෙතෝදිස්ත පල්ලියේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි සභාවේ හිටපු මහලේකම් එබනේසර් ජෝසප් රදගුරු සහ සාමය සඳහා වූ අන්තර් ආගමික එකමුතුවේ භාණ්ඩාගාරික හේමකුමාර ගුණසේකර මහතා, සාමය සඳහා වූ අන්තර් ආගමික සංධානයේ කාන්තා අංශයේ ප්‍රධානී තිලානි විතානගේ මහත්මිය මෙම වැඩසටහන මෙහෙයවන ලදි. මෙම අවස්ථාවට වෛද්‍ය වෘත්තිකයන් 31 දෙනෙකු දායක විය.

තවද, මෙම අවස්ථාව සදහා ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ යු පි ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි සහ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න, 233 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් සරත් පොතුපිටිය, යන ඡ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුලු මාණ්ඩලික නිලධාරීන් සෙසු නිලයින් මෙම වෛද්‍ය සායනයක් සහභාගී විය.