Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

28th October 2023 10:55:37 Hours

පොලොන්නරුව නගරය ඩෙංගු උවදුරෙන් මුදවාලීම සඳහා ශ්‍රමදාන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) අධීක්‍ෂණය යටතේ 23 පාබල සේනාංකයේ සහ 231 පාබල බලසේනාවේ භඨ පිරිස් විසින් ඩෙංගු මර්ධනය කිරීමේ සාමූහික ප්‍රයත්නයට අනුකූලව 2023 ඔක්තෝම්බර් 24 වන දින පොළොන්නරුව සහ කඳුරුවෙල නගර ආශ්‍රිත ප්‍රදේශ පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් සංවිධානය කරන ලදි. මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්, පොලිස් නිලධාරීන්, පාසල් සිසුන්, සියලුම හමුදා සාමාජිකයින් සහ සිවිල් කාර්යය මණ්ඩලය පොළොන්නරුව නගරය සෞඛ්‍යමය වශයෙන් ආරක්‍ෂිත ප්‍රදේශයක් බවට පත්කිරීමේ අපේක්‍ෂාවෙන් සහභාගී වන ලදි.

මෙම වැඩසටහනේ අරමුණ වුයේ පොළොන්නරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ ඩෙංගු මර්ධන ප්‍රයත්නය ශක්තිමත් කිරීම, හමුදා සහ සිවිල් බලධාරීන් සමඟ අන්තර් සහයෝගීතාවයක් වර්ධනය කිරීම සහ ඩෙංගු මර්ධන කටයුතු සිදුකිරීම සඳහා සහයෝගීතාවය ගොඩනැංවීම සහ ඩෙංගු රෝගය පැතිරයාම වැලැක්වීම සහ ප්‍රතිකාර පිළිබඳව මහජන දැනුම වැඩි දියුණු කිරීමය. මෙහිදී 231 වන පාබල බලසේනා මූලස්ථානයේ සහ 7 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ භඨ පිරිස් හා සියළුම අනෙකුත් පාර්ශකරුවන්ගේ සක්‍රීය දායකත්වයෙන් හා සම්බන්ධිකරණයෙන් සමස්ත ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශය ආවරණය වන පරිදි ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන ලදි. ඉන් අනතුරුව ප්‍රදේශයේ පොදු ස්ථාන, රජයේ ගොඩනැගිලි, රජයේ පාසල් ඉලක්ක කර ගනිමින් ශ්‍රමදාන ව්‍යාපාරයක් දියත් කළේය. මෙම ප්‍රයත්නය සඳහා පුළුල් මහජන ප්‍රශංසාවද හිමි විය.