Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

05th June 2023 10:29:51 Hours

පාසල් ළමුන් සදහා විශේෂ ආහාර වේලක් ලබාදිම

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබිලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම මත 221 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධීපති කර්නල් ඒ.කේ පිරිස් ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුද්ගලික ධන පරිත්‍යාගය සහ පුර්ණ අධීක්‍ෂණය මත 2 වන ස්වේච්ජා ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩබ්ලිව් වර්ණකුලසූරිය යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ සියළු නිලයන්ගේ සංවිධානයෙන් යුතුව 2023 මැයි මස 31 වන දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විල්ගම්මුල කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 70 දෙනෙකු සදහා දිවා ආහාර වේලක් ලබා දෙන ලදි.