Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th May 2023 21:23:38 Hours

"පාරමීදම්" මෙහෙණි ආරාමය පූජා කිරීම

අරලගංවිල වජිරා ධම්මදීප මෙහෙණින් වහන්සේගේ ඉල්ලීම පරිදි ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම මත 12 වන ගැමුණු හේවා බලඇණියේ සහ 2 (සෙව්) ශ්‍රී ලංකා සංඥා බලකායේ භට පිරිස් විසින් මෙම භික්ෂුණී ආරාමය ඉදිකරන ලදී. 2023.05.06 වන දින සුබ මොහොතින් අභිනවයෙන් ඉදිකරන ලද භික්ෂුණී ආරාමය අරලගංවිල වජිරා ධම්මදීප භික්ෂුණිය වෙත පූජා කිරීම ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ මනම්පිටිය මෝටර්ස් අධිපති අශෝක පලන්සූරිය යන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

12 වන ගැමුණු හේවා බළඇණිය සහ 2 (සෙව්) ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරීන් වන මේජර් ලලන්ත රණසිංහ සහ මේජර් අසංක කොඩිකාර යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රමදායකත්වය ලබාදුන් අතර . මනම්පිටිය මෝටර්ස් සමාගමේ අධිපති අශෝක පලන්සූරිය මහතාගේ ධන පරිත්‍යාගය මත මෙම කර්තව්‍ය සිදු විය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගී වූ අතර, මනම්පිටිය මෝටර්ස් සමාගමේ අධිපති අශෝක පලන්සූරිය මහතා, නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ කර්නල් ප්‍රභාත් හල්පගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි, බලඇණි දෙකෙහි අණදෙන නිළධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගි වූහ.