Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th June 2023 12:31:18 Hours

පනස්වන ලෝක පරිසර දිනයට සමගාමීව 231 බලසේනාව පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරයි

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන 1973 සිට වාර්ෂිකව ජුනි 5 වන දින පවත්වනු ලබන අතර, ලෝක පරිසර දිනය පාරිසරික මහජන ප්‍රවේශය සඳහා වන විශාලතම ගෝලීය වේදිකාව වන අතර එය ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් විසින් සමරනු ලැබේ. වාර්ෂිකව ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 11 ක් පමණ සාගරයට ගලා යන අතර එය 2040 වන විට තුන් ගුණයකින් වැඩි වනු ඇත. 50 වැනි ලෝක පරිසර දිනයේ අදහසට සමගාමීව මඩකලපුව නගර ප්‍රදේශයේ ද ප්ලාස්ටික් භාවිතයෙන් පරිසර දූෂණය අවම කිරීම පිළිබඳ පිරිසිදු කිරීමේ සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.

231 පාබල බලසේනාව සහ ඇක්ෂන් යුනිටි ලංකා සංවිධානයේ සාමාජිකයින් එක්ව 2023 ජුනි 05 දින මෙම උත්සවය සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන සඳහා මඩකලපුව දිසාපති, 231 පාබල බලසේනාවේ සිවිල් කටයුතු නිලධාරි, ලුතිනන් කර්නල් දම්මික වීරසිංහ, 231 පාබල බලසේනාවේ 01X15 භට පිරිස්, ඇක්ෂන් යුනිටි ලංකා සංවිධානයේ සාමාජිකයින් සහ සිවිල් වැසියන් සමඟ රාජ්‍ය සේවකයින් 200 කට වැඩි පිරිසක් සහභාගී වූහ.