Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th February 2023 13:25:35 Hours

නීති විරෝධී වගා වැටලීම

3 වන සන්නද්ධ බුද්ධි බළකායට ලද තොරතුරකට අනුව, බුද්ධි භටපිරිස් සහ ආරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග එක්ව 2023 පෙබරවාරි මස 03 වන දින බක්මිටියා වන රක්ෂිත ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී කේරළ ගංජා වගාබිමක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී කේරළ ගංජා පැළ 7500ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරි විමර්ශණ කටයුතු දමන පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබයි.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 242 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 3 වන සන්නද්ධ බුද්ධි බළකායේ අණදෙන නිලධාරී සමග එක්ව ඉහත වැටලීම් පිළිබදව අධීක්ෂණය කළ අතර, මෙම වැටලීම් මගින් ප්‍රදේශයේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් නැවතෙන අතර, එමගින් යුද්ධ හමුදාව කෙරෙහි සිවිල් ජනතාවගේ විශ්වාසය ඉහළ යනු ඇත.