Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

15th January 2023 19:36:22 Hours

නීති විරෝධී මත්ද්‍රව්‍ය අල්ලා ගැනීම.

7 වන සන්නද්ධ බුද්ධි බළකායට ලද තොරතුරකට අනුව, (222 පාබල බලසේනාවට අනියුක්ත) බුද්ධි භට පිරිස් සහ කන්තලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග එක්ව 2023 ජනවාරි මස 14 වන දින වෙන්ද්‍රාසපුර ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන කේරළ ගංජා ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 300 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම මත්ද්‍රව්‍ය සමග සැකකරු ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කන්තලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 222 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 7 වන සන්නද්ධ බුද්ධි බළකායේ අණදෙන නිලධාරී සමග එක්ව ඉහත වැටලීම් පිළිබදව අධීක්ෂණය කළ අතර, මෙම වැටලීම් මගින් ප්‍රදේශයේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් නැවතෙන අතර, එමගින් යුද්ධ හමුදාව කෙරෙහි සිවිල් ජනතාවගේ විශ්වාසය ඉහළ යනු ඇත.