Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

15th January 2023 18:52:56 Hours

නීති විරෝධී මත්ද්‍රව්‍ය අල්ලා ගැනීම

7 වන සන්නද්ධ බුද්ධි බළකායට ලද තොරතුරකට අනුව, (222 පාබල බලසේනාවට අනියුක්ත) බුද්ධි භට පිරිස් සහ සූරියපුර විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමග එක්ව 2023 ජනවාරි මස 11 වන දින කුරුණෑගල ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.48 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම මත්ද්‍රව්‍ය සමග සැකකරු ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කුරුණෑගල පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 222 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 7 වන සන්නද්ධ බුද්ධි බළකායේ අණදෙන නිලධාරී සමග එක්ව ඉහත වැටලීම් පිළිබදව අධීක්ෂණය කළ අතර, මෙම වැටලීම් මගින් යුද්ධ හමුදාව කෙරෙහි සිවිල් ජනතාවගේ විශ්වාසය ඉහළ යනු ඇත.