Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

22nd December 2022 09:23:12 Hours

නීති විරෝධී මත්ද්‍රව්‍ය අල්ලා ගැනීම

ශ්‍රි ලංකා යුද්ධ හමුදා 7 වන බුද්ධි බළකාය (222 පාබල බලසේනාවට අනුයුක්තව) කන්තලේ පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලැබුණු තොරතුරකට අනුව 2022 දෙසැම්බර් 18 වන දින කන්තලේ ප්‍රදේශයේදී මෙත‌ෙෆටමයින් (අයිස්) මිලිග්‍රෑම් 80ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයා වැඩිදුර විමර්ශන සදහා කන්තලේ පොලිස් ස්ථානයට භාරදීමට කටයුතු කර ඇත.

තවද, එම දිනයේදීම කුබුරුපිඩ්ඩි ප්‍රදේශයේදී 7 වන යුද්ධ හමුදා බුද්ධි බළකායට (221 පාබල බලසේනාවට අනුයුක්ත) ලද තොරතුරකට අනුව කුච්චවේලි පොලිස් නිළධාරින් සමග කල වැටලීමකදි කේරළ ගංඡා ග්‍රෑම් 50 ක් ප්‍රවාහනය කරන අතරතුර අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සදහා කුච්චවේලි පොලිස් ස්ථානයට භාර දෙන ලදි.

ආරක්ෂක සේනා මුලස්ථානය නැගෙනහිර ආඥාපති, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 221, 222 පාබල බළසේනාංකයන්හි බළසේනාංකාධිපතිවරුන් සමග මෙම වැටලීම් නිරීක්ෂනය කර සාකච්චාවක නිරත වන අතර මෙම ප්‍රදේශයේ ඇති නීතිවිරෝදී මද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමත් සමග ආරක්ෂක අංශයන් පිලිබද සාමාන්‍ය ඡනතාවගේ ඇති විස්වාශය තව දුරටත් ඉහළ නංවනු ඇත.