Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th December 2022 10:46:18 Hours

නීති විරෝධී මත්ද්‍රව්‍ය අල්ලා ගැනීම

221 පාබල බලසේනාවට අයත් 7 වන බුද්ධි බළකායේ භට පිරිස්, ත්‍රිකුණාමලය පොලිසියේ නිලධාරීන් සමඟ එක්ව 2022 දෙසැම්බර් මස 03 වන දින ත්‍රිකුණාමලයේදී කේරළ ගංජා ග්‍රෑම් 7 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රිකුණාමලය පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

තවද, 2022 නොවැම්බර් 04 වන දින ලැබුණු තොරතුරක් මත 7 වන බුද්ධි බළකායේ භට පිරිස් හා කන්තලේ පොලිසියේ නිලධාරීන් සමග එක්ව කල සෝදිසි මෙහෙයුමකදි එක් පුද්ගලයෙකු කේරළ ගංජා ග්‍රෑම් 3ක් හා හෙරොයින් මිලිග්‍රෑම් 60 ක් සමග කන්තලේ ගන්තලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන. පුද්ගලයා සහ මත්ද්‍රව්‍ය කන්තලේ පොලිස් ස්ථානයට භාරදී ඇත.

එදිනම කන්තලේ පේරාරු ප්‍රදේශයේදී (අයිස්) මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 210 සමඟ එක් අයෙක් අත්අඩංගුවට ගෙන කන්තලේ පොලිස් ස්ථානයට භාරදී ඇත.

මෙම වැටලිම් ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපතිගේ උපදෙස් පරිදි 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 221 පාබල බලසේනාවේ බලසේනාධිපති එක්ව වැටලීම් පිළිබදව අධීක්ෂණය කළ අතර, මෙම වැටලීම් හමුදාව කෙරෙහි ජනතාවගේ විශ්වාසය ඉහළ නැංවීමට ඉවහල්වනු ඇත.