Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th February 2023 10:10:54 Hours

නීති විරෝධී මත්ද්‍රව්‍ය අල්ලා ගැනීම

7 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් 222 පාබල බළසේනා මූලස්ථානයට අනුයුක්ත කර ඇති බුද්ධි භටපිරිස් ලද තොරතුරකට අනුව, බුද්ධි භටපිරිස් සහ සූරියපුර පොලිස් නිලධාරීන් සමග එක්ව 2023 පෙබරවාරි මස 11 වන දින ජයන්තිගම ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන අඩි 4යි අගල් 03ක් පමණ උසැති ගංජා ගසක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. එම ගස සමග සැකකරු ඉදිරි විමර්ශණ කටයුතු සඳහා සූරියපුර පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 222 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 7 වන සන්නද්ධ බුද්ධි බළකායේ අණදෙන නිලධාරී සමග එක්ව ඉහත වැටලීම් පිළිබදව අධීක්ෂණය කළ අතර, මෙම වැටලීම් මගින් ප්‍රදේශයේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් නැවතෙන අතර, එමගින් යුද්ධ හමුදාව කෙරෙහි සිවිල් ජනතාවගේ විශ්වාසය ඉහළ යනු ඇත.