Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th September 2022 13:33:35 Hours

නීති විරෝධී මත්ද්‍රව්‍ය අල්ලා ගැනීම

හමුදා බුද්ධි අංශයෙන් ලද ප්‍රබල තොරතුරු මත, 3 (සෙව්) හමුදා බුද්ධි බළකායේ භඨපිරිස්, පොලිසිය සහ පොලිස් විශේෂ බළකාය සම්බන්ධ කර ගනිමින් 2022 අගෝස්තු 12 සිට 2022 සැප්තැම්බර් 20 දක්වා කාලය තුළ වැටලීම් කිහිපයක් සිදු කර නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් අල්ලා ගන්නා ලදි.

මෙම වැටලීම් වලදී, පෙන්වා දුන් පරිදි අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින්, නීති විරෝධී මත්පැන් සහ ගංජා ඇතුළු නීති විරෝධී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් භඨපිරිස් විසින් අල්ලා ගන්නා ලදී.

Ser Name of the Drug Quantity No of attempts Amount (nearly)
1 Methamphetamine (Ice Drugs) 59 g 200 mg 2 Rs. 1,465,000.00
2 Heroin 260 mg 1 Rs. 4,600.00
3 Illicit Liquor 1155 L 1 Rs. 981,750.00
4 Cannabis 3120 (පැළ) 1 Rs. 600,000.00

මෙම සැක කටයුතු පුද්ගලයන් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගය සමඟ වාහන ඉදිරි විමර්ශන සඳහා අදාළ පොලිස් ස්ථාන වෙත භාර දෙන ලදී.

ආඥාපති, ආරක්‍ෂක සේනා (නැගෙනහිර) සේනාංකාධිපතිවරුන් සහ බළසේනාධිපතිවරුන් එක්ව ඉහත වැටලීම් සමීපව නිරීක්ෂණය කරන අතර එමඟින් හමුදාව කෙරෙහි සාමාන්‍ය ජනතාවගේ විශ්වාසයද ඉහළ නංවනු ඇත.