Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

01st November 2022 08:56:23 Hours

නීති විරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම

7 වන බුද්ධි බළකායේ භඨ පිරිස් හා (222 පාබල බලසේනාවට අනුයුක්ත) සූරියපුර විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පසුගිය ඔක්තෝබර් 29 දින හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1 මිලි ග්‍රෑම් 700ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවා වැඩිදුර විමර්ශන සඳහා කන්තලේ පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර ඇත.

ආඥාපති, ආරක්‍ෂක සේනා (නැගෙනහිර) 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති හා 222 පාබල බලසේනාවේ බළසේනාධිපති එක්ව ඉහත වැටලීම සම්බන්ධව අධීක්ෂණය කළ අතර එමඟින් හමුදාව කෙරෙහි සාමාන්‍ය ජනතාවගේ විශ්වාසය ඉහළ නංවනු ඇත.