Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th November 2022 11:43:12 Hours

නීති විරෝධී මත්ද්‍රවය අල්ලා ගැනීම

7 වන බුද්ධි බළකායට ලැබුණු තොරතුරකට අනුව (222 පාබල බලසේනාවට අනුයුක්ත) බුද්ධි භට පරිස් සමග කන්තලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව කරන ලද වැටලීමකින් පසුව 2022 .11.21 වන දින හෙරොයින් මත්ද්‍රව්‍ය 100 mg ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කන්තලේ පොලිස් ස්ථාන වෙත භාරදෙන ලදි.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, 22 පාබල සේනාංක සේනාංක‌ාධිපති සහ 222 පාබල බලසේනාවේ බලසේනාධිපති, එක්ව ඉහත වැටලීම් පිළිබදව අධීක්ෂණය කළ අතර, මෙම වැටලීම් මගින් හමුදාව කෙරෙහි ජනතාවගේ විශ්වාසය ඉහළ නැංවීමට ඉවහල්වනු ඇත.