Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd November 2022 10:30:30 Hours

නීති විරෝධී නිධන් හෑරීම අත්අඩංගුවට ගැනීම

7 වන හමුදා බුද්ධි බළකායට ලැබුණු තොරතුරකට අනුව යුධ හමුදා භඨපිරිස් හා කන්තලේ පොලිස් නිළධාරින් සමඟ එක්ව ඔක්තෝම්බර් 31 වන දින නිධන් හෑරීමේ නිරතව සිටි පුද්ගලයින් තිදෙනෙකු සමග නිධන් හැරිම සදහා යොදාගත් යකඩ ඉනි දෙකක් සහ වතුර පොම්පයක් අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සඳහා කන්තලේ පොලිස්ථානය වෙත භාරදෙන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 222 පාබල බලසේනාවේ බළසේනාංකාධිපති ඇතුලු නිළධාරින් විසින් ඉහත වැටලීම සම්බණ්ධව උපදෙස් ලබා දි ඇති අතර, එමඟින් බලා පොරොත්තු වනුගේ හමුදාව කෙරෙහි සාමාන්‍ය ජනතාවගේ විශ්වාසය ඉහළ නැංවිමයි.