Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th February 2023 09:27:58 Hours

නිළ උසස්වීමෙන් පසු 24 වන පාබල සේනාංකයේ පාබල සේනාංකාධිපති සේනාංකය වෙත සාදරයෙන් පිළිගනු ලබයි

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 2023 පෙබරවාරි මස 04 වන දින මේජර් ජෙනරාල්වරයෙකු ලෙස නව නිල උසස්විම් ලබා ගැනීමෙන් අනතුරුව 24 වන පාබල සේනාංකය වෙත 24 වන පාබල සේනාංකයේ සහ යටතේ ඇති බළසේනා¸ බලඇණිවලට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සඳුදා (පෙබරවාරි 13) දින උණුසුම් ලෙස පිළිගනු ලැබීය. අභිනවයෙන් උසස්වීම් ලැබූ පාබල සේනාංකාධිපති¸ 24 වන පාබල සේනාංක පරිශ්‍රයට ඇතුළුවීමත් සමඟම කදවුරු මුරයක් සහ ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

ඉන්පසු නිල උසස්විම් ලබා 24 වන පාබල සේනාංකය වෙත සම්ප්‍රාප්ත විමේ උත්සවය සංකේතවත් කිරිම සදහා සේනාංකාධිපති විසින් , 24 වන පාබල සේනාංක මූලස්ථානයේ "සල්" පැළයක් රෝපණය කර උත්සව දිනය සංකේතවත් කරන ලදී.

යුද්ධ හමුදා විධිවිධානවලට අනුකූලව, සේනාංකාධිපතිතුමන් විසින් සේනාංකයේ නිලධාරීන් සහ සෙසු නිලයින් ඇමතූ අතර, මෙවන් අසිරිමත් උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳව සේනාංකයේ සහ බලසේනා¸ බලඇණිවල නිලධාරීන් සහ සෙසු නිලයින් වෙත සුභ පැතුම් පිරිනැමීම සඳහා සියළුම නිළයන්ට සිය අවංක ස්තුතිය පුද කරන ලදී.